FAST NEWS

24×7 Around the Globe

අගමැති ලබන 19 වනදා බංග්ලාදේශයේ නිල සංචාරයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 19 වනදා බංගලාදේශය බලා පිටත්ව යාමට නියමිතව ඇත.    

ඒ බංග්ලාදේශයේ නිල ආරාධනයකට අනුවයි.

බංගලාදේශ රජයේ සංවත්සරික උත්සවයක් වෙනුවෙන් සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් මෙලෙස නිල සංචාරයකට එක්වන අතර සාර්ක් කළාපයේ සෙසු රාජ්‍ය නායකයන් සඳහාද මෙම ආරාධනය ලැබී ඇති බව සඳහන්.

19 වනදා දිවයිනෙන් පිටත්වයන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස 20 වනදා රාත්‍රියේ යලි දිවයිනට පැමිණීමට නියමිතයි.