FAST NEWS

24×7 Around the Globe

අශෝක අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු සටහන් දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.  

ප්‍රකාශයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී අශෝක අබේසිංහ මහතා වෙත දැනුම් දී තිබූ ණද ඔහු පැමිණ තිබුනේ නැත.

පාර්ලිමේන්තු රැස්වීම් හේතුවෙන් තමන්ට අදාළ දිනවලදී සහභාවීමට නොහැකි බව මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ.