FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිවරයා ඉන්ටපොල් සමඟ ගිවිසුමකට.

ජාත්‍යන්තර පොලිසිය සමඟ පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා අවබෝධතා ගිවිසුමකට එළඹිමට නියමිත බව පොලිසිය පවසයි.

උගන්ඩාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොලිස් සම්මේලනය අතරතුර පොලිස්පතිවරයා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ජාත්‍යන්තර පොලිස් සම්මේලනය වාර්ෂිකව පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් රැසක පොලිස් ප්‍රධානීන් සහභාගීවෙයි.

අදාල සම්මේලනයට සහභාගී වීම සඳහා පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ඊයේ අළුයම උගන්ඩාව බලා පිටත්ව ගිය අතර මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පත් කර තිබේ.