FAST NEWS

24×7 Around the Globe

හිස කඳින් වෙන් කළ මළ සිරුර කුරුවිට තරුණියගේම බවට තහවුරු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි තිස් හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.   

ඒ අනුව අදාල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

කෙසේවෙතත් අදාළ තරුණියගේ හිස මේ දක්වා හමුවී නොමැති බවද ඔහු සඳහන් කළේය.

මළ සිරුරේ හිස කොටස සොයා කැලණි ගඟ දෙපස , කැලණි මෝයකට පිහිටි මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා ප්‍රදේශය මෙන්ම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ඇතුළු අවට ප්‍රදේශ සෝදියට ලක් කළ ද මේ දක්වා එම හිස කොටස සොයා ගැනීමට නොහැකි විය.