FAST NEWS

24×7 Around the Globe

වෝඩෆෝන් ජංගම දුරකතන ජාලය හැක්වෙයි.

වෝඩෆෝන් ජංගම දුරකතන ජාලයට ඇතුළු වී ඇති හැකර්වරු පාරිභෝගිකයන් 2000කගේ පමණ දත්ත වෙත ප‍්‍රවේශ වී ඇතැයි එම සමාගම අනාවරණය කරයි.

හෙළිදරව් නොවූ මාර්ගයකින් වෝඩෆෝන් ජාලයට ප‍්‍රවේශ වී පාරිභෝගිකයන්ගේ බැංකු තොරතුරු ආදිය මෙසේ රහසිගතව පිටකරගෙන ඇතත් කිසිදු වංචනික ක‍්‍රියාවක යෙදීමට ඔවුන් සමත් වී නොමැත.

සන්නිවේදනයේ දැවැන්තයකු වන සමාගම වැඩිදුරටත් හෙළි කළේ තම පාරිභෝගිකයන් 1,827 දෙනකුගේ නම් සහ ඇතැම් බැංකු තොරතුරු සොරාගෙන ඇති බවයි. තමන්ගේ බැංකු ගිනුම්වලට හානි සිදු වූ ගනුදෙනුකරුවන් ඉතා සුළු පිරිසට අදාළව පමණක් නෛතික කටයුතු සිදුකරන බව සමාගම වැඩිදුරටත් කියයි.