FAST NEWS

24×7 Around the Globe

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (08) දිනයේ සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.   

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් පසුගිය සිකුරාදා නිකුත් කරනු ලැබීය.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුවයි.

මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්ත්වයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේය.