FAST NEWS

24×7 Around the Globe

HNDA සිසුන්ට පහරදීම විමර්ශනයට අගමැතිගෙන් කමීටුවක්.

පසුගිය දින පොලීසිය විසින් HNDA සරසවි සිසුන්ට සිදුකළ පහරදීම සම්බන්ධ‍යෙන් විමර්ශනයක් සිදුකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අචාර්ය බී.එම්.එස්.බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයේ නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා හෙට දින (03) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිත බව සඳහන්ය.

ජාතික පොලිස් කොමිෂන් සභාව ද මෙම සිද්ධියේ දී සිසුන් සමඟ ගැටුම තුළ දී පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.