FAST NEWS

24×7 Around the Globe

බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමේ

(ෆාස්ට් නිව්ස් | බදුල්ල) – බදුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුව තාවකාලිකව වසා දමා තිබේ.   

ඒ අද දිනයේදී ලැබූ PCR පරීක්ෂණ වාර්තා මගින් එම වාට්ටුවෙන් කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව වෛද්‍යවරයෙකු , රෝහල් කාර්ය මණ්ඩලය සේවකයෙකු , රෝගීන් සහ රෝගීන් බලා ගැනීම සඳහා පැමිණි 29 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය 02 වෙනිදා මෙම වාට්ටුවේ සේවය කරනු ලැබූ හෙදියක කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු තවත් හෙදියක සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු ද කොරෝනා වෛරස ආසාදිතයන් බවට ඊයේ දිනයේදී ලද PCR වාර්තා මගින් තහවුරුවී ඇත.