FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර අද (05) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.    

කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 60 වන වියේ පසුවිය.

ජනතා ගැටලු හමුවේ හඬ අවදි කළ මාධ්‍යවේදියෙකු ලෙස ද බන්දුල ජයසේකර මහතා ප්‍රකටය.

ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසද කලක් කටයුතු කළ ඔහු කැනඩාව ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස කටයුතු ඇත.