FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විශේෂ කණ්ඩායම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.   

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ , ඒ සඳහා රැඳවියන් තෝරගෙන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදෙන බවයි.

මේ යටතේ බන්ධනාගාරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීමට ද හැකියාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.