FAST NEWS

24×7 Around the Globe

මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මෙරට පළමු ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් අද (05) ආරම්භ වෙයි.   

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේදීයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ , මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් මෙම බලාගාරයෙන් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවයි

බලාගාරය ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 කි.

මෙම බලාගාරයෙන් අවුරුදු 2 ක් ඇතුළත මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

දෙවන අදියරේදී වාශ්ප ටර්බයිනයක් හරහා තවත් මෙගාවොට් 130 ක් ජාතික පද්ධතියට එක්කෙරෙන අතර එය තවත් මාස 12 කදී අවසන් කිරීමට නියමිතයි.

2013 වසරින් පසු මෙරට තුළ කිසිදු විදුලි බලාගාරයක් ඉදි නොවීම ඛේදනීය තත්ත්වයක් බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.