FAST NEWS

24×7 Around the Globe

අල්ලස් ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් 20,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබේ.   

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසූරිය සදහන් කළේ කැනේඩියානු ජාතිකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.

එම පුද්ගලයාට අයත් කැබ් රථයක් අපරාධ චෝදනා මත මහරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, එය නිදහස් කිරීමට විරුද්ධ නොවී සිටීමට පොලිස් සැරයන්වරයා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.