FAST NEWS

24×7 Around the Globe

එන්නත්කරණයට ලක්වූ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා ගොස් ඇත.   

ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් 42, 925 දෙනෙකුට කොවිඩ් එන්නත දී තිබූ අතර ඒ අනුව මේ දක්වා මෙරට පුද්ගලයන් පන් ලක්ෂ 09 දහස් 275 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන්.

එමෙන්ම, කොරෝනා මර්ධන එන්නත්කරණ මධ්‍යස්ථාන අසල අනවශ්‍ය ලෙස ඒකරාශිවිමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දීමක් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ එන්නත ලබා දිය යුතු සියලු දෙනාට එය ලබාදෙන බවයි.