FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඉන්දියාවේ සිට අද දින කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් ප්‍රකාශ කරයි. 

මෙම එන්නත් තොගය ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් අද දින දහවල් 1.30ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණා. මෙම එන්නත් තොගය සමග ගුවන් මගීන් 14 දෙනෙකු සහ තවත් ගුවන් භාණ්ඩ තොගයක් ද මෙම ගුවන් යානය තුළ විය.

මේ අතර අද දිනයේදී බස්නාහිර පළාතේ අවධානම් ප්‍රදේශ තුල කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සිදුකරනු ලබන බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ සඳහන් කලේ එන්නත්කරණය කිරීමේදී ලබාදෙන කාඩ්පත සුරැකිව තබා ගන්නා ලෙස එන්නත ලබාගත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.