FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ අගමැතිත් කොවිඩ් එන්නත ලබාගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.   

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ ය.