FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.   

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනයේදී සිදුවන බව කියන අක්‍රමිකතාවලට විරෝධය දක්වමින් දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුලු වෘත්තීය සමිති 19 ක් මෙම වර්ජනය සැළසුම් කර තිබුණි.

කෙසේවෙතත් අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.30 ට ප්‍රවාහන අමාත්‍යාංශයේදි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් විසඳුමක් නොලැබුනහොත් වර්ජනයකට අවතීර්ණවීමේ වැඩි ඉඩකඩක් පවතින බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසයි.