FAST NEWS

24×7 Around the Globe

සේයා ඝාතන සැකකරු යළි රිමාන්ඩ් කීරීමට නියෝග.

කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සමන් ජයලත් ලබන 16 වැනි දා තෙක් යළි රීමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.

ඔහුගේ ඩීඑන්ඒ හා සේයා දැරියගේ ශරීරයේ තිබූ ආගතුක ජෛවීය ද්‍රව්‍යවල ඩී එන් ඒ ගැලපෙන බව බොරැල්ල ජින්ටෙක් ආයතනය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.

සැකකරු මහේස්ත්‍රාත් ඉදිරියේ කළ ප්‍රකාශයේ පිටපතක් රහස් පොලිසියට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා උසාවි ලේඛකාධිකාරීට නියම කළේය.