FAST NEWS

24×7 Around the Globe

පකිස්ථාන අගමැති හෙට දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (23) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇත.   

සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ඔහු අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව ද සඳහන් වේ.

පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබුණත් පසුව එය අවලංගු කෙරිණි.