FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට වයස අවුරුදු 18ට අඩු පිරිස, ගැබිණි සහ කිරිදෙන මව්වරුන් හැර මෙරට සියලු ජනතාවට කොරෝනා එන්නත ලබා දෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එසේම කොරෝනා එන්නත ලබාදෙනු ලබන්නේ වැඩිම අවදානමක් සහිත ප්‍රදේශ අනුපිළිවෙළට බව ද වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.