FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන අගමැතිගේ ආරක්ෂක නිලධාරීන් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්ර‍ාන් ඛාන් මහතා ලබන අඟහරුවාදා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.   

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරය‍ා පිලිගැනීම සඳහා විශේෂ හමුදා උත්තමාචාර වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි පෙර පුහුණු කටයුතු කටුනායක ගුවන්තොටුපලේ මේ දිනවල සිදුවේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද එම ස්ථානයට ගොස් එම පෙරහුරු වැඩසටහන නිරීක්ෂණය කලේය.

පාකිස්ථාන අගමැතිවරයාගේ සංචාරය සංවිධානය කිරීම සඳහා මෙරටට පැමිණ ඇති පාකිස්ථාන ආරක්ෂක හා රජය නිලධාරීන් සමග ද ඇමතිවරයා අදහස් හුවමාරු කරගත්තේය.