FAST NEWS

24×7 Around the Globe

කෙත්හේන ජලපවිත්‍රාගාරයේ ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ

(ෆාස්ට් නිව්ස් | කළුතර) – ලබන ඉරිදා පැය දහය හමාරක කාලයක් කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.   

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බේරුවල, බෙන්තොට, බෝම්ඹුවල – පිලමිනාවත්ත, මග්ගොන සහ අලුත්ගම – දර්ගා නගරය යන ප්‍රදේශවලටයි.

මේ අතර අද පෙරවරු 8.30 සිට හෙට අලුයම 2.30 දක්වා පැය 18 ක කාලයක් ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ද ජල සැපයුම අත්හිටුවා ඇත.

බෝපේ – පෝද්දල, හපුගල, අක්මීමන, හබරාදූව, කොග්ගල, අහංගම, රත්ගම සහ දොඩන්දූව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව සඳහන්.