FAST NEWS

24×7 Around the Globe

අභියෝග ජයගනිමින් සංචාරක ක්ෂේත්‍රය නව ගමනකට යොමු කරන්න සූදානම් වෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභියෝග ජයගනිමින් සංචාරක ක්ෂේත්‍රය නව ගමන් මගකට යොමු කිරීමට සූදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක ව්‍යවසායකයින් හට උපදෙස් ලබාදී ඇත.    

ඒ, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාව සඳහා සංචාරක ක්ෂේත්‍රයට අදාළ රේඛීය ආයතන ප්‍රධානීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පවතින වසංගතය හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන්ට සියලූ පහසුකම් සැපයීමට රජය පියවර ගෙන ඇති බවයි.

කොවිඩ් මර්දන එන්නත් දීමේදී හෝටල් සේවකයින්, සංචාරක මග පෙන්වන්නන් සහ රියදුරන් වැනි කාර්යය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී ඇත.

එමෙන්ම සංචාරකයින් ආසාදිතයින් නොවන අවස්ථාවලදී පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවටද මෙහිදී යෝජනා වී තිබේ.