FAST NEWS

24×7 Around the Globe

මරදාන ඩීන්ස් පාරේදි නවතා තිබූ මෝටර් රථයක් ගිනි ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරදාන – ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් අද පෙරවරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන බව පොලිසිය පවසයි.   

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ ඇති වූ ගින්න නිවීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථයක් ද යොද ගත් බවයි.

මේ හේතුවෙන් ඩීන්ස් පාරේ සුළු රථ වාහන තදබදයක් ද හට ගත් අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.