FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ගේ මන්ත්‍රීධුරයට අදාළව අභියාචනාධිකරණය දුන් නියෝගය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියම කරමින් ලබාදී තිබූ නියෝගය ලබන මාර්තු 16 වනදා දක්වා දීර්ඝ කර ඇත.   

අර්ජුන් ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය ලබාදුන්හ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඩුවමකට ලක්ව සිටින තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි නොවන නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් රංජන් රාමනායක මහතා විසින් මෙම පෙත්සම ගොණු කරනු ලැබීය.