FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ස්ථානාධිපතිවරුන් අකුරට වැඩ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.   

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බවය.

මෙතෙක් විසඳී නොමැති ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය සිදු කරන බව ඒ් මහතා පවසයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම් හා ප්‍රමාදවීම් ද සිදුවිය හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.