FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට තීරණය කර ඇත.  

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ, එම සංඛ්‍යාව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අදාළ බලධාරීන් සමග කළ සාකච්ඡාවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බව, ඔහු සඳහන් කළේය.

ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ඇතුළු සියලු පීඨ සඳහා වැඩි සිසුන් සංඛ්‍යාවක් බඳවා ගන්නා බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.