FAST NEWS

24×7 Around the Globe

පුද්ගලික බස් වර්ජනය සතියකින් කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පුද්ගලික බස් වර්ජනය සතියකින් කල් දමා ඇත.   

ඒ පුද්ගලික බස් හිමියන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ලබන බ්‍රහස්පතින්දා වනවිට බස් හිමියන්ගේ ගැටලු විසඳන බවට රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහතිකයක් ලැබිම හමුවේ වර්ජනය කල් දැමූ බව සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේය.

පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළේය.