කොටදෙණියාව සේයා දැරියගේ ඝාතන චෝදනාවෙන් මිනුවන්ගොඩ අධිකරණයෙන් නිදහස් වූ දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැවත ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයට පැමිණීමට විරෝධය පා බදුවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ ඊයේ (29) උදෑසන උද්ඝෝෂණයක නිරත වූහ.
බදුවතුගොඩ මංසන්ධියේ දී මෙසේ උද්ඝෝෂණයේ යෙදුණු පිරිස් අතර තිබූ සටන් පාඨ පුවරුවල “කොණ්ඩයා නිදහස් – දැරියක් මරණයට”, “ළමා අපයෝජන හෙළා දකිමු”, “කොණ්ඩයාට මාධ්‍ය දර්ශන – සේයාට සාහසික මරණය”, “දූෂිතයන් කරළියේ – සේයා දැරිය වළපල්ලේ” වැනි වැකි සඳහන් විය.







