FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි රංජන් ගෙන් රිට් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා අභියාචනාධිකරණය හමුවේ අද (02) රීට් පෙත්සමක් ගොනු කර තිබේ.  

ඔහු එම පෙත්සම ගොනු කර ඇත්තේ, තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රංජන් රාමණායක මේ වන විට සිව්වසරක සිර දඬුවමකට ලක්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටියි.