FAST NEWS

24×7 Around the Globe

ගම්පහ සහ කළුතර පාසැල් පෙබරවාරි 15 විවෘත කිරීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 590 ක් අතරින් 589 ක් පෙබරවාරි මස 15 වන දින විවෘත කිරීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේය.  

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විසින් ඒ බව දන්වා ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4 ක් ඇති බවත්, ඉන් ගම්පහ කලාපයේ ඇති සියලුම පාසල් හා පිරිවෙන් මේ වන විට විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ද ඒ් මහතා පැවසීය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446 ක් ඇති බවත් ඉන් පාසල් 442 ක් විවෘත කිරීමේ හැකියාව පවතින බව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වාර්තා කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.