FAST NEWS

24×7 Around the Globe

දියේ ගිලී සිසුවියක් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරිය අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) – බලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේදී වලවේ ගඟේ දිය නාමින් සිටි සිසු සිසුවියන් පිරිසක් අතුරින් 16 හැවිරිදි දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.   

කල්තොට පොලිස් වසමේ තන්ජන්තැන්න විද්‍යාලයේ භාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරිය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

එම විද්‍යාලයේ ළමුන් 15 දෙනෙක් සමග පෙරේදා දිනයේ දී වලවේ ගඟේ දිය නෑමට ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් කල්තොට පොලීසිය විසින් සිදුකළ විමර්ශණයේ දී අනාවරණය වී ඇත්තේ අදාළ ගුරුවරිය පාසලේ විදුහල්පතිවරයාගෙන් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් කිසිදු අවසරයක් ලබානොගෙන එම දරුවන් රැගෙන ගොස් ඇති බවය.

ඒ අනුව කල්තොට පොලීසිය විසින් නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (01) දිනයේ දී ඇය බලන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.