FAST NEWS

24×7 Around the Globe

වරාය සේවකයින් හා අග්‍රමාත්‍යවරයා අතර අද විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (01) පැවැත්වීමට නියමිතව ඇත.    

විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිති අපේක්ෂාවෙන් සිටින සුබවාදී පිළිතුරක් මෙම සාකච්ඡාවේදී ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා කියා සිටියේය.