FAST NEWS

24×7 Around the Globe

එක්නැලිගොඩ අතුරුදන්වීම – හමුදාපතිට හා බුද්ධි අංශ ප්‍රධානියාට විරෝධතා ගොනු කරන්න කල්දෙයි

අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැගිලිගොඩ මහතා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නියෝගයක් ඉල්ලා ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණ.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති යුධ හමුදාපතිවරයා සහ යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානීයට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය කල් ලබා දුනි.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ යුධ හමුදාපතිවරයා සහ යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානීයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ පෙත්සම සදහා විරෝධතා ඉදිරිපත් කිරිමට කල්ලබා දෙන ලෙසයි.

ඒ අනුව පෙත්සම් විභාග කිරිම දෙසැම්බර් මස 08 වනදාට කල්දැමූ අභියාචනාධිකරණය එදිනට පෙර විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන මෙන් යුධහමුදාපතිවරයාට හා යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානීයාට නියෝග කර ඇත.