FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පාසැල්වල සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අදියරෙන් අදියර බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීරණයකට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.   

ඊට අදාළව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පවත්වා විවෘත කළ හැකි අනෙකුත් ශ්‍රේණි පිළිබඳව තීරණයක් ගන්නා ලෙස මේ වනවිට දැනුම් දී ඇත.

මේ වනවිට බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන්නේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණයි.

ඒ අනුව, පෙබරවාරි 15 ට පෙර ආරම්භ කළ හැකි බස්නාහිර පාසල්වල අනෙකුත් ශ්‍රේණි පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.