FAST NEWS

24×7 Around the Globe

රන්ජන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ රංජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.    

රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබීය.

ඉකුත් 12 වනදා ලබාදුන් එම තීන්දුවෙන් පසු ඔහු මීගමුව පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේය.