FAST NEWS

24×7 Around the Globe

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – කටුනායක සිය නවාතැන්පොළෙන් පළාගිය 25 හැවිරිදි කොවිඩ් ආසාදිතයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   

අදාළ පුද්ගලයා අද (22) පෙරවරුවේ කටුනායක 18 කණුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ආසාදිතයා 1990 ගිලන්රථ සේවය මඟින් මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙලෙස පළාගොස් තිබුණේ පදවිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් කම්හල් සේවකයෙකුයි.