FAST NEWS

24×7 Around the Globe

පානදුර ප්‍රදේශ කීපයකට අද ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කළුතර) – පානදුර ප්‍රදේශ කිහිපයකට අද (21) රාත්‍රී 8 සිට පැය 8 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.   

හෙට (22) අලුයම 4 දක්වා පැය 8 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

ඒ අනුව පානදුර ජල සම්පාදන ක්‍රමය මගින් ජලය බෙදා හරිනු ලබන නගර සභා බලප්‍රදේශය හා කෙසෙල්වත්ත හැර ප්‍රාදේශීය සභා සීමාවට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.