FAST NEWS

24×7 Around the Globe

පැන ගිය කොවිඩ් ආසාදිතයා ඇහැළියගොඩදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | පූනානි) – වාලච්චේන – පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා ඇහැලියගොඩ – පැල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

ඔහු කොලොන්නාව – මීතොටමුල්ල – විහාර මාවත ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකරනු ලැබීය. ‍

එහි සිටියදී පළා ගිය මෙම පුද්ගලයා ගමන් ගත් මාර්ගය පිළිබදව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.