FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (20) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.    

සමස්ත පළාතක් වශයෙන් හෝ දිස්ත්‍රික් වශයෙන් හෝ පාසල් වශයෙන් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි දින කිහිපය තුළදී නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.