FAST NEWS

24×7 Around the Globe

යළිත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 763 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 

ඒ් අනුව කොළඹින් 241 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 210 ක් , මාතර 41 ක් , ගාල්ලේ 29 ක් , වව්නියාවේ 28 ක්, ත්‍රිකුණාමලයේ 20 ක් , මහනුවර 19 ක් , පුත්තලමේ 12 ක් සහ අම්පාරේ 12 ක් ද ඊයේ ආසාදිතයන් අතරට අයත්.

මීට අමතරව මන්නාරමේ 11 ක් , මඩකලපුවේ 10 ක් , කලුතර 09 ක් , රත්නපුර 07 ක් , හම්බන්තොට 05 ක් , නුවරඑළියේ 04 ක් , කෑගල්ලේ 01 ක් සහ බදුල්ලේ එක් ආසාදිතයෙකුද ඊයේ ආසාදිතයන් අතරට අයත්.

එමෙන්ම ප්‍රදේශය නිශ්චිතව හඳුනානොගත් ආසාදිතයන් 89 ක්ද විදේශයන්හි සිට පැමිණි 14 දෙනෙකුද ඊයේ ආසාදිතයන් අතර විය.