FAST NEWS

24×7 Around the Globe

ගම්පහ මූල්‍ය ආයතනයක රුපියල් කෝටි 4ක මංකොල්ලයක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – ගම්පහ, මිරිස්වත්තේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 04 ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.  

කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම මංකොල්ලය සිදුකර ඇත.