FAST NEWS

24×7 Around the Globe

කතානායක ඇතුළු මන්ත්‍රීවරුන් 15 කගේ PCR ප්‍රතිඵල නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය බදාදා දින PCR පරීක්ෂාව සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.  

ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගේ PCR වාර්තාවට අනුව ඔවුන් ආසාදිතයන් නොවන බවට සඳහන් වී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 15ක් සඳහා එදින PCR පරීක්ෂණ සිදුකරනු ලැබීය.

මෙම PCR පරීක්ෂණ සිදු කෙරුණේ රාජ්‍ය ආමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොවිඩ් 19 ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුවයි.