FAST NEWS

24×7 Around the Globe

තවත් මන්ත්‍රීවරු පිරිසකට අද PCR පරීක්ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය 13 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීය.   

එහි දෙවන අදියර යටතේ අද (15) පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

මේ අතර පසුගිය 13 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම් ලබන 18 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.

ලබන 19 වැනිදා සිට ආරම්භවීමට නියමිත නව පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.