FAST NEWS

24×7 Around the Globe

මෙරට සිටින කොරෝනා නව ප්‍රභේදය ආසාදිතයා ගැන හෙළි දරව්වක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එංගලන්තයේ පැතිරයන කොවිඩ් නව ප්‍රභේදය වැළඳි, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයාගේ මෙරට ආශ්‍රිතයින් කිසිවෙකුත් නැති බව හෙළි වෙයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මෙම ආසාදිත පුද්ගලයාට ප්‍රතිකාර කිරීම් සහ වෙන්කර තැබීම නිසිපරිදි සිදුවන බවයි.

එනිසා එම අවස්ථාවේදීවත් මෙම වෛරසය මෙරට සමාජයට ඇතුළුවීමේ අවදානමක් නොමැති බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.