FAST NEWS

24×7 Around the Globe

ජනපති හා අගමැතිගේ තෛපොංගල් දින සුභ පැතුම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදා කිරීම තමාගේත් රජයේත් ඒකායන පරමාර්ථය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෛපොංගල් සුභ පැතුමෙන් දන්වා සිටී.    

අතිගරු ජනාධිපතිතුමාගේ තෛපොංගල් දින පණිවිඩය page 001

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, නව වසරේ උදාව සමරන සියලුම දමිල ජනතාව සහ අනෙකුත් ජාතීන්ට තෛපොංගල් දින අර්ථයන් සිය ජීවිතවලට ළඟා කර ගැනීමෙන් අනාගත ශ්‍රී ලංකාව සෞභාග්‍යමත්, හා සාමකාමී දේශයක් ලෙස පෙරට ගෙන ආ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛයිපොංගල් දින උත්සවය පත්වනු දැකීම සැමගේ අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.