FAST NEWS

24×7 Around the Globe

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 13 සහ 15 යන දෙදින PCR පරීක්ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට යොමුවන ලෙස දැනුම් දී තිබෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.   

ඒ් අනුව හෙට (13) සහ ලබන 15 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කර ඇති බ වද, ඔහු ප්‍රකාශ කළේය.

වේත්‍රධාරීවරයා සඳහන් කළේ, එම දිනවලදී මන්ත්‍රීවරුන්, කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට PCR පරීක්ෂණවලට සහභාගී විය හැකි බවයි.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ද පාර්ලිමේන්තුව සඳහන් කළේය.