FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් මරණ 08ක්[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය 06 වනදා සිට අද දක්වා සිදුවූ මරණ ඊට ඇතුළත් වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.