FAST NEWS

24×7 Around the Globe

දඩ මුදල් ගෙවීමට නොහැකි රැඳවියන්ට ජනපති සමාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින සියළුම රැදවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාවක් යටතේ අද (09) නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්ත මේන්තුව පවසයි.

ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහාය.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම පිරිස නිදහස් කරන බවයි.