FAST NEWS

24×7 Around the Globe

කරාපිටියටත් කොරෝන අවදානම

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමා තිබේ.

ඒ එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියකට කොරෝනා ආසාදනය වීමේ හේතුවෙනි.

මෙසේ තාවකාලිකව වසා ඇත්තේ එම රෝහලේ මනෝ විද්‍යා ඒකකයේ වාට්ටු අංක 23 යි.

එම තරුණිය ඊයේ දිනයේ දී රෝහලට ඇතුලත් කර ඇති අතර PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අද(09) ඇය ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

ඇය වාට්ටුවෙන් පෙර යාමට උත්සාහ දරා තිබෙන අතර ඇය වැළැක්වීම සදහා ඉදිරිපත් වුණු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වේ.