FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවියේ ආරක්ෂාව තර කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) රාත්‍රියේ දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගත බව වාර්තා වේ.

ඒ විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් බව පොලීසිය සඳහන් කරයි.

යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළ‍ පිහිටි මුල්ලි වයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා ඉවත් කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.

යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් මෙම ස්මාරකය විශ්වවිද්‍යාල සිසුන් විසින් ඉදිකර තිබුණි.

 කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවූ බව පොලිසිය කියයි.